Priyawee

Priyawee

Piyath Rajapakse

Альбом: Priyawee
Длительность: 3:45
Год: 2017
Скачать MP3

Текст песни

පාට කූරක පාට බොඳ වෙලා
පිටු පුරා ලස්සන රුවක් මැවීලා
හැඟුම් පිරෙනා මුළු රැයක් පුරා
ළංව දිදුළන දෑස් යුග බැඳීලා

ඔබ ලඟින් ඉන්නා විටදී මා
ඔබ දුන්නු උණුහුම් සිහිනයක් වීලා
ඔබ තෙමූ දෙකොපුල් වියැළීලා
ඔබ නැගූ හසරැල් මතකයක් වීලා

ප්රියාවී
ඔබ සිහිනයෙන් ළංවී
සිප ගන්න සැරසෙද්දී
ඔබ යළිත් සැඟවෙවී
ප්රියාවී
ඔබ සිහිනයෙන් ළංවී
අත ගන්න සැරසෙද්දී
ඔබ යළිත් සැඟවේවී

සැබෑ නොමවෙන සිහිනයක් නිසා
සිතක් නළවන සැනසුමක් නොදීලා
පැතුම් බිඳලන මතකයක් නිසා
සිහින අතරෙම ඔබේ රුව මැකීලා

ඔබ ළඟින් ඉඳිනා විටදී මා
ඔබ දුන්නු උණුහුම් සිහිනයක් වීලා
ඔබ තෙමූ දෙකොපුල් වියැළීලා
ඔබ නැගූ හසරැල් මතකයක් වීලා

ප්රියාවී
ඔබ සිහිනයෙන් ළංවී
සිප ගන්න සැරසෙද්දී
ඔබ යළිත් සැඟවෙවී
ප්රියාවී
ඔබ සිහිනයෙන් ළංවී
අත ගන්න සැරසෙද්දී
ඔබ යළිත් සැඟවේවී

පාට කූරක පාට බොඳ වෙලා
පිටු පුරා ලස්සන රුවක් මැවිලා
ප්රියාවී
ඔබ සිහිනයෙන් ළංවී
සිප ගන්න සැරසෙද්දී
ඔබ යළිත් සැඟවෙවී
ප්රියාවී
ඔබ සිහිනයෙන් ළංවී
අත ගන්න සැරසෙද්දී
ඔබ යළිත් සැඟවේවී