Api Wen Wena Tharamata (Feat. Chamika Sirimanna)

Api Wen Wena Tharamata (Feat. Chamika Sirimanna)

Rohana Weerasinghe

Длительность: 3:26
Год: 2019
Скачать MP3

Текст песни

අපි වෙන්වෙන තරමට කියනා දේවල්
කොහොමද උහුලාගන්නේ
අපි වෙන්වෙන තැනටම කටයුතු වෙනකොට
කොහොමද බල බල ඉන්නේ

අපි එක්වුණ මතකය සිහියට එනවිට
කඳුළුයි දෑස තෙමන්නේ
මම ඔබ ගැන හිත හිත දුක් වෙන හැමවිට
මනසයි වන්දි ගෙවන්නේ

හිතන්න බෑ හිත කීරිගැහෙනවා
ඔය සුදු මූණ මතක් වී
සිඹින්න බෑ මුව අහක බලනවා
මගෙ මුව එක්ක තරහ වී
කියන්න බෑ අපෙ ආදර කතාව
කඳුළුත් එක්ක සිනාසී
සොයන්න බෑ තව ඔයා වගෙ කෙනෙක්
ආදරෙ කරන්න පෙර සේ

අපි වෙන්වෙන තරමට කියනා දේවල්
කොහොමද උහුලාගන්නේ
අපි වෙන්වෙන තැනටම කටයුතු වෙනකොට
කොහොමද බල බල ඉන්නේ

සුන්දර සිනාව සුරතල් සිනාව
දකින්න ආසයි අඳුරේ
දැවටුණ හැටි ආදරෙයි කියා මට
දැනෙනවා කිති කැවි යහනේ
තොල් පෙති සිඹින්න ආසයි ඇත්තට
තුරුලට ගෙන ඔබ පෙර සේ
ආදරෙ කියන්න තව එක සැරයක්
වෙන්වී යන්නට මත්තෙන්

අපි වෙන්වෙන තරමට කියනා දේවල්
කොහොමද උහුලාගන්නේ
අපි වෙන්වෙන තැනටම කටයුතු වෙනකොට
කොහොමද බල බල ඉන්නේ

අපි එක්වුණ මතකය සිහියට එනවිට
කඳුළුයි දෑස තෙමන්නේ
මම ඔබ ගැන හිත හිත දුක් වෙන හැමවිට
මනසයි වන්දි ගෙවන්නේ