Avarna

Avarna

Zany Inzane

Альбом: Avarna
Длительность: 2:25
Год: 2021
Скачать MP3

Текст песни

නැගිටින්න බෑ කොන්ද කඩලා මේ නීතියේ රජ වෙන්න සුදුස්සා ගොඩනැගේවී වීදියෙන් හිනාවෙයි ලෝකේ අපි තාමත් ඉන්නෙ හෝඩියේ මේවා තේරෙන් නැත්තන්

නැගිටින්න බෑ කොන්ද කඩලා මේ නීතියේ
රජ වෙන්න සුදුස්සා ගොඩනැගේවී වීදියෙන්
හිනාවෙයි ලෝකේ අපි තාමත් ඉන්නෙ හෝඩියේ
මේවා තේරෙන් නැත්තන් උබ මානසික රෝගියෙක්

කෙළින්ම හොරා එන්නෙ දොර ඇරන් යතුරෙන්
නීතියට වැඩනං ඇයි නැගිටින්නේ අසුනෙන්
පෙනුමෙන් නෙවෙයි මුලින් වෙනස් වෙයන් ඇතුළෙන්
සුනාමියක් උනත් පටන් ගන්නෙ මුහුදෙ පතුලෙන්

ප්‍රශ්න තාමත් එහෙමයි, මිනිස්සු වෙනස් උනා
ලං වෙන්න ලං වෙන්න ඒ විසදුම දුරස් උනා
මිනිස්සු පව්,මිරිගුව වටේ කැරකුනා
මමත් දිව්වා,හැබැයි තේරුම් අරන් නැතුනා

දර්ශනේ වහගෙන මිත්‍යාව දළුලයි
වටාපතෙන් වහන් ඒ විකුර්ති බණ මතුරයි
මං තරුණයි හැබැයි යතාර්ථෙ අදුරයි
තනිවම වෙනස් වීම අරගලේ තනුවයි

නැතිවෙලා නිදහස අපේ මනස
අපි දිනනවා අපිවම පරදා
මේ සමාජේ නිරුවත කෙසේ වහන්නද අහුමුලුවල විතරක් තිර සරලා

මම කියන්නෑ ඒ ගැලපෙන වචනේ
වෙන දේවල් මට ගන්න බෑ අදලා
වෙනස් කරගන්නයි ඕනෙ අපෙ ආකල්ප, කිසිදෙයක් කරන්න බෑ අරගෙන තරහා

ධර්මෙ අවර්ණයි, අපි හිරවෙලා වර්ණෙක
දෙයියන්ටවත් අභියෝග කරන්න බැ කර්මෙට
මේ දෙපතුලට පොලවෙ රස්නේ දැනුනා, මෝහනෙන් මිදිලා පියවි ලෝකේ මට පෙනුනා

මං මිනිස්සුන්ව දැක්කා විනිවිද
ජීවිතෙන් පැනලා යන උබලා පිරිමිද?
වැරදි කරන්නෙපා පිට පිට
මැරෙන්න හිතුනත් මැරෙන්නෙපා ඩෝ හිත හිත

මං දැක්කා වැහෙන්න ලේ පැල්ලම් බිත්තිවල ගෑවා හුණු, පළකරා ශෝක දින, මිනී උඩින් ඇවිදින
බලාපොරොත්තු වෙන්නෙපා යුක්තිය
පාවිච්චි කරන්න පටන් ගනින් උබේ බුද්ධිය

මේ අපේ මනසේ පිරිලා පරපෝශිතයෝ
සල්ලි කොළේ තමයි මැව්වේ කාලකන්නි පාහරයෝ
ගිනි ගන්න ලෝකේක මේ අපි වීනා වාදකයෝ
අපිවම මරපු අපි හැමෝම ඝාතකයෝ

නැතිවෙලා නිදහස අපේ මනසේ
අපි දිනනවා අපිවම පරදා
මේ සමාජේ නිරුවත කෙසේ වහන්නද අහුමුලුවල විතරක් තිර සරලා

මම කියන්නෑ ඒ ගැලපෙන වචනේ
වෙන දේවල් මට ගන්න බෑ අදලා
වෙනස් කරගන්නයි ඕනෙ අපෙ ආකල්ප, කිසිදෙයක් කරන්න බෑ අරගෙන තරහා