Guru Mawuni Piyawaruni Wejabewa

Guru Mawuni Piyawaruni Wejabewa

Angelo Gamage, Sadasi Methmanthi, & Thilina Tharaka

Длительность: 4:24
Год: 2023
Скачать MP3

Текст песни

දොවා සඳ දිය ඉරෙන් සැඟව යනා
පහන් කණුවක සහන් එලි තවරා
අඳුර සිඳිනා ඇදුරු දෑස දරා
ගලා හැලෙනා පෙමට නෑ උපමා

අපාර සුව සැප ආයුබෝ වේවා
පියවරුණි ගුරු මවුනි වැජඹේවා

සුවඳ මල් මැද මැලිවෙනා
මිළින කැකුළුත් පුබුදලා
එකම යායක එකලු කරවන
දෙවිවරුන් නුඹ මනු රුවින් හිඳිනා

අපාර සුව සැප ආයුබෝ වේවා
පියවරුණි ගුරු මවුනි වැජඹේවා

ශිල්ප කඳු හිස කෙලවරේ
දිලන සිළුමිණ දිනන සේ
සෙනේ සුතුරින් අරුම කරවන
ඉසිවරුන් නුඹ බවුන් නොම වඩනා

අපාර සුව සැප ආයුබෝ වේවා
පියවරුණි ගුරු මවුනි වැජඹේවා
අපාර සුව සැප ආයුබෝ වේවා
පියවරුණි ගුරු මවුනි වැජඹේවා