Dakina Dasune

Dakina Dasune

H.R.Jothipala

Альбом: Geetha Rathriya
Длительность: 2:32
Год: 2000
Скачать MP3

Текст песни

දකින දසුනේ
දෙනෙත ඇඳුනේ
සොඳුරු ඔබ රුව වේ
පවන ඇසුනේ
සවන රැඳුනේ
ඔබගෙ කට හඬවේ
ඔබගෙ කට හඬවේ

මහද විමනේ කැකුළු යහනේ ඔබයි සැතපෙන්නේ
සිතන සිතුමේ පතන පැතුමේ ඔබයි හිනැහෙන්නේ
ඔබයි හිනැහෙන්නේ
දකින දසුනේ දෙනෙත ඇඳුනේ සොඳුරු ඔබ රුව වේ
පවන ඇසුනේ සවන රැඳුනේ ඔබගෙ කට හඬවේ
ඔබගෙ කට හඬවේ

දෙපස ගංගා දෙකක් එක්වී එක තැනට ආවේ
එකම ඒ ගං ජලය මුසුවී සයුර තුල පාවේ
සයුර තුල පාවේ
දකින දසුනේ දෙනෙත ඇඳුනේ සොඳුරු ඔබ රුව වේ
පවන ඇසුනේ සවන රැඳුනේ ඔබගෙ කට හඬවේ
ඔබගෙ කට හඬවේ