Tharu Payana Reye Tharinda
H.R.Jothipala
3:36රත්තරන් පෙම් පුරානේ සිතුවම් මකා ගන්න මගෙ අන්ධ නෙත් තාම නොපෙනේ ළඳේ මට ඔබේ කුරිරු පිටු පෑම නොපෙනෙන්න නම් දිළිදු මේ අන්ධ නෙත් වාසනාවන් ළඳේ රත්තරන් පෙම් පුරානේ සිතුවම් මකා ගන්න මගෙ අන්ධ නෙත් තාම නොපෙනේ ළඳේ ලොවක හිරු එළිය සඳ පහන දැනගන්න හෝ උරුම පින් මහිම නැති මා වගේ අන්ධයෝ කිමද නෙතු දිලෙන අඟනුන්ට බැන්දේ සෙනේ ඔබ නොවේ ළදුනි මා අතින් වරදක් වුනේ ලොව පෙනී ඔබද අදුරු මට පෙම් බැඳී උන්නු ඒ යුගය අවසන්ද මගෙ ලොව බිඳී රත්තරන් පෙම් පුරානේ සිතුවම් මකා ගන්න මගෙ අන්ධ නෙත් තාම නොපෙනේ ළඳේ තේජ අසමාන බලධාරී දෙවියන් පවා දෑස නැති උන් රකින්නේ ද සැනසුම් එවා දෑස ඇති අයට පමණක්ද උරුමේ සෙනේ ළදුනි ආදරය අද අපට නැතිදෝ අනේ ලොව පෙනී ඔබද අදුරු මට පෙම් බැඳී උන්නු ඒ යුගය අවසන්ද මගෙ ලොව බිඳී රත්තරන් පෙම් පුරානේ සිතුවම් මකා ගන්න මගෙ අන්ධ නෙත් තාම නොපෙනේ ළඳේ මට ඔබේ කුරිරු පිටු පෑම නොපෙනෙන්න නම් දිළිදු මේ අන්ධ නෙත් වාසනාවන් ළඳේ