Adariye (Feat. Pasan Liyanage)

Adariye (Feat. Pasan Liyanage)

Nadeemal Perera

Альбом: Adariye
Длительность: 4:08
Год: 2021
Скачать MP3

Текст песни

මාරුතේ තනි වී උන් මා කෙරේ
ආදරේ පෑ කුමරියේ දෙව්ලිය මගේ (දෙව්ලිය මගේ)

ඒ නෙතේ නිල්මිණි වන් ඒ නෙතේ
ගලනා ඒ ආදරේ රකිමී පණ ලෙසේ

ජීවිතයේ කිසිදා නොපැතු සේ
ආලෙන් මා කෙරේ බැඳුනේ ඇයි මෙසේ
ආදරියේ නොමයන් කිසි දිනේ
හැරදා ආදරේ මාගේ කුමරියේ

වැලි කතරක් වාගේ වූ මාගේ ජීවිතේ (මාගේ ජීවිතේ)
පෙම ගලනා ගංගාවක් කල පෙම් කුමරියේ

වැලි කතරක් වාගේ වූ මාගේ ජීවිතේ (මාගේ ජීවිතේ)
පෙම ගලනා ගංගාවක් කල පෙම් කුමරියේ

මා හට දුන් ඔබගේ ඒ කුළුඳුල් ආදරේ
පුදමී ඔබටත් මාගේ කුළුඳුල් පෙම මෙසේ

ජීවිතයේ කිසිදා නොපැතු සේ
ආලෙන් මා කෙරේ බැඳුනේ ඇයි මෙසේ
ආදරියේ නොමයන් කිසි දිනේ
හැරදා ආදරේ මාගේ කුමරියේ

සිහිනෙන් වත් නොසිතූ මේ මනරම් රාත්රියේ
සුරඟන ඔබ එක්වී ඇත මා හා අද මෙසේ

සිහිනෙන් වත් නොසිතූ මේ මනරම් රාත්රියේ
සුරඟන ඔබ එක්වී ඇත මා හා අද මෙසේ

ඔබෙ අත ගෙන අද මා දිවුරන්නේ මේ ලෙසේ
හැම භවයේ ඔබ හා එන්නම් සංසාරයේ

ජීවිතයේ කිසිදා නොපැතු සේ
ආලෙන් මා කෙරේ බැඳුනේ ඇයි මෙසේ
ආදරියේ නොමයන් කිසි දිනේ
හැරදා ආදරේ මාගේ කුමරියේ

ජීවිතයේ කිසිදා නොපැතු සේ
ආලෙන් මා කෙරේ බැඳුනේ ඇයි මෙසේ
ආදරියේ නොමයන් කිසි දිනේ
හැරදා ආදරේ මාගේ කුමරියේ

ජීවිතයේ කිසිදා නොපැතු සේ
ආලෙන් මා කෙරේ බැඳුනේ ඇයි මෙසේ
ආදරියේ නොමයන් කිසි දිනේ
හැරදා ආදරේ මාගේ කුමරියේ