Dunnu Wedana

Dunnu Wedana

Radeesh Vandebona, Dilan Gamage, & Nirosha Virajani

Длительность: 4:01
Год: 2023
Скачать MP3

Текст песни

දුන්නු වේදනා මේ නෙතින් උතුරලා
මතක රැස් වෙලා හිත අයාලේ ගියා
හිතෙන්නේම නෑ ඔබ මගේ නොවෙ කියා
ජීවිතේම දැන් මාගේ හීනයක් වෙලා

කෙටි කාලයකින් හමු වී
මගෙ ජීවිතයට පැමිණී
ලස්සනම සිහිනෙකී
ඔයා
ලස්සනම සිහිනෙකී ඔයා

මේ සීත වස්සානේ
පාළුව දවන්නේ
තනිකමයි හදවත සරන්නේ
මේ අන්ධ හිත්මානේ
මතකය තැවෙන්නේ
සෝ සංකා හිරිහැර කරන්නේ

කෙටි කාලයකින් හමු වී
මගෙ ජීවිතයට පැමිණී
ලස්සනම සිහිනෙකී
ඔයා
ලස්සනම සිහිනෙකී ඔයා

සඳ නේන රෑ යාමේ
සසලව හිදින්නේ
කළුවරයි දසතින් හමන්නේ
වැටෙන හුස්මක් ගානේ
ඔබවමයි සිහිවන්නේ
ඔබ කොහේදෝ හිදින්නේ

කෙටි කාලයකින් හමු වී
මගෙ ජීවිතයට පැමිණී
ලස්සනම සිහිනෙකී
ඔයා
ලස්සනම සිහිනෙකී ඔයා

දුන්නු වේදනා මේ නෙතින් උතුරලා
මතක රැස් වෙලා හිත අයාලේ ගියා
හිතෙන්නේම නෑ ඔබ මගේ නොවෙ කියා
ජීවිතේම දැන් මාගේ හීනයක් වෙලා

කෙටි කාලයකින් හමු වී
මගෙ ජීවිතයට පැමිණී
ලස්සනම සිහිනෙකී
ඔයා
ලස්සනම සිහිනෙකී ඔයා