Seetha Arane
Rohana Weerasinghe, Malini Bulathsinghala, & Milton Mallawarachchi
4:30ආරාධනා ආරාධනා ජීවිතයේ තනි මංසල අතරමං වෙලා හුදෙකලාව සුසුම් හෙළන හදවත සනහා අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යළි වඩින්න ආරාධනා ආරාධනා නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ මැකී ගියාදෝ - කාලයේ වෙරළේ ජීවිතයේ දිගු ගමනේ අනාථ වූ දා සෙනේහයේ සත් පියුමන් යළිඳු පිපේවා ආරාධනා ආරාධනා එදා සිඟිති ගී සුවඳින් යුගදිවි අරණේ ඔබේ උණුසුමේ යළිදු උපන්නෙම් බිඳුණු එවන් රජ දහනින් සමුගෙන යනදා ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා ආරාධනා ආරාධනා